Accepted payment methods

Q: BuyOnline.lk වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් ගෙවන්නේ කෙසේද?

A: BuyOnline.lk වෙතින් ඔබ තෝරාගත් භාණ්ඩ සදහා පහත සදහන් ක්‍රම මගින් ඔබට ගෙවීම් සිදුකළ හැකියි.

 

1. ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් පත් මගින්.

Visa, MasterCard, China UnionPay, Diners Club, JCB ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් පත් මගින් ඔබට මුදල් ගෙවීම කළ හැකිය. අප භාවිතා කරන්නේ HSBC - Global Payments අයතනයෙන් ලබාගත් IPG එකක් වන බැවින් ඔබේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පත් වලට අදාළ රහස්‍ය තොරතුරු වල ආරක්‍ෂාව ගැන 100% සහතික වන්නෙමු.

BuyOnline.lk වෙබ් අඩවියේ check out පිටුවේ 3. CHOOSE YOUR PAYMENT METHOD යටතේ ඇති ඔබේ කාඩ් පතට අදාල අයිකනය මත ක්ලික් කිරීම මගින් ඔබට ඔබේ කාඩ් පතට අදාල තොරතුරු ඇතුලත් කර ගෙවීම සිදුකළ හැකිය.

 

2. බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම.

මෙම ක්‍රමය මගින් ඔබ ඇණවුම් කල භාණ්ඩ වලට වටිනාකමට අදාල මුදල බියෝන්ඩ් ඊරා පුද්ගලික සමාගමේ බැංකු ගිණුමට බැර කළ හැකිය (තැන්පත් කිරීම). මුදල් තැන්පත් කිරීම ඔබට සමීප ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් සිදුකල හැක. මුදල් තැන්පත් කිරීමේදී ඔබේ ඇණවුමට අදාල යොමු අංකය (Reference number) ඇතුලත් කිරීම මගින් අපට ඔබේ මුදල් ගෙවීම හදුනා ගැනීම පහසු වන අතර අදාළ භාණ්ඩ කඩිනමින් ඔබ වෙත එවීමට කටයුතු කළ හැකිය. ඕනෑම වටිනාකමක් සදහා මෙමගින් මුදල් ගෙවීම සිදුකළ හැක. ඔබ මුදල් තැන්පත්කර විනාඩි 5ත් පැය 1ත් අතර කාලයකින් අපට ඔබේ ගෙවීමට අදාල තොරතුරු අන්තර්ජාල බැංකු සේවාව මගින් ලබා ගත හැක. මුදල් තැන්පත්කර ඒ බව අප ආයතනයට දැනුම්දීම මගින් ඉදිරි කටයුතු වඩාත් පහසුවේ. ආදර්ශ තැන්පතු පතක් බලන්න මෙතන ක්ලික් කරන්න.

BuyOnline.lk වෙබ් අඩවියේ check out පිටුවේ 3. CHOOSE YOUR PAYMENT METHOD යටතේ ඇති Pay by bank wire / local bank deposit අයිකනය මත ක්ලික් කිරීම මගින් ඔබට භාණ්ඩ ඇණවුම් කලහැකිය. I confirm my order බොත්තම මත ක්ලික් කිරීමෙන් ඔබට ඇණවුම සම්පුර්ණ කලහැකිය. ඉන්පසු ඔබට මුදල් තැන්පත් කලයුතු බැංකු ගිණුම පිළිබද තොරතුරු සහ ඇණවුමට අදාල යොමු අංකය (Reference number) දිස්වේ. එය ස්වයංක්‍රිය ඊ-මේල් ලිපියක් මගින් ද ඔබ වෙත ලැබේ.

 

3. අන්තර්ජාල බැංකු කටයුතු මගින් මුදල් ගෙවීම. Internet Banking/Bank Wire.

ඔබ ඔන්ලයින් බැංකු ගිණුමක් භාවිතා කරන්නේනම් ඔබට අන්තර්ජාල බැංකු කටයුතු හරහා අප සමාගමේ ගිණුමට මුදල් තැන්පත් කිරීම කල හැකිය. ඔබ ශ්‍රී ලංකාවේ බැංකු ගිනුමක සිට මුදල් බැර කරන්නේ නම් එම මුදල් විනාඩි 5ත් පැය 2ත් අතර කාලයකින් අපේ ගිණුමට බැර වෙනඅතර වෙනත් රටක බැංකු ගිණුමකින් මුදල් තැන්පත් කරන්නේනම් ඒ සදහා විනාඩි 30ත් දින 2ත් අතර කාලයක් ගතවේ.

මේ සඳහා අනුගමනය කලයුත්තේද බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමේ ක්‍රමයේදී කල ආකාරයයි. මෙහිදී ඔබට ඔන්ලයින් බැංකු කටයුතු ඔස්සේ ඔබේ නිවසේ හෝ කාර්යාලයේ සිටම අප ආයතනයේ බැංකු ගිණුමට මුදල් බැර කල හැකියි. බැංකු ගනුදෙනුවේ විස්තරයට ඇණවුමට අදාල යොමු අංකය (Reference number) ඇතුලත් කරන්න.

 

4. ජංගම දුරකථනයෙන් මුදල් ගෙවීම මගින්.

ඔබ ඩයලොග් දුරකථන පාරිභෝගිකයෙකු නම් ඔබට Dialog eZ Cash සේවාව හරහා මුදල් ගෙවීම සිදුකල හැකිය. මෙහිදී ඔබට dialog internet payment gateway එක හරහා අන්තර්ජාලය හරහා මෙන්ම අප සමාගමේ eZ pay දුරකථන අංකය වෙත මුදල් ගෙවීම මගින් සිදුකල හැකිය.

BuyOnline.lk වෙබ් අඩවියේ check out පිටුවේ 3. CHOOSE YOUR PAYMENT METHOD යටතේ ඇති Pay by Dialog eZpay අයිකනය මත ක්ලික් කිරීම මගින් ඔබට භාණ්ඩ ඇණවුම් කලහැකිය.

 

5. චෙක්පත් මගින්.

බියෝන්ඩ් ඊරා පුද්ගලික සමාගම නමට "ආදායකගේ ගිණුමට පමණි " ලෙස රේඛනය කල ඇණවුමට අදාළ වටිනාකම සදහන් චෙක්පතක් මගින් ඔබට ගෙවීම් කලහැකිය. චෙක්පත සමග ඔබේ නම සහ ඇණවුමට අදාල යොමු අංකය පැහැදිලිව කඩදාසියක සටහන් කර අප ආයතනය වෙත ලැබීමට සලස්වන්න. චෙක්පත අප වෙත ලැබුණු පසුව අප ඒ පිළිබදව ඔබට දැනුම්දෙනු ලබන අතර චෙක්පතට අදාල මුදල අප සමාගමේ ගිණුමට බැර වු පසු ඇණවුමට අදාල භාණ්ඩ කඩිනමින් ඔබවෙත එවීමට කටයුතු කරණු ලැබේ.

BuyOnline.lk වෙබ් අඩවියේ check out පිටුවේ 3. CHOOSE YOUR PAYMENT METHOD යටතේ ඇති Pay by cheque අයිකනය මත ක්ලික් කිරීම මගින් ඔබට භාණ්ඩ ඇණවුම් කලහැකිය.

 

6. භාණ්ඩය ඔබ අතට ලැබෙනවිට මුදල් ගෙවීම. Cash on Delivery.

මෙම ක්‍රමය මගින් ඔබට ඔබ ඇණවුම් කල භාණ්ඩ ඔබට ලැබෙන මොහොතේ ගෙවීම් සිදුකළ හැක. මෙම ක්‍රමය තෝරාගත් භාණ්ඩ සහ ප්‍රදේශ වලට සිමාවේ. උපරිමය රුපියල් ලක්ෂයක් දක්වා වන අතර කොන්දේසි සහිතයි. මෙම ක්‍රමයෙන් භාණ්ඩ ඇණවුම් කිරීමට පෙර පාරිබෝගික සේවා නිලධාරියෙකුගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුයි.