BuyOnline.lk වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලදී ගන්නේ කෙසේද?

ඔබට සරල පියවර කිහිපයකින් BuyOnline.lk වෙතින් භාණ්ඩ ඇණවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.

 

පියවර 1:

● ඔබගේ ඊ මේල් (E-mail) ලිපිනය සහ මුරපදය (Password ) භාවිතා කර ඔබේ BuyOnline.lk ගිණුමට ඇතුළු වන්න. ඔබට ගිණුමක් නොමැති නම් අලුත් ගිණුමක් සදා ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.

 

පියවර 2:

● භාණ්ඩ සහ උපකරණ කාණ්ඩ හා උප කාණ්ඩ වලට බෙදා අපගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. ඒ අතරින් ඔබට අවශ්‍ය භාණ්ඩය හෝ උපකරණය තෝරා ගන්න.

● අපගේ වෙබ් අඩවියේ කාණ්ඩ හා උප කාණ්ඩ අතරින් ඔබට අවශ්‍ය දේ තෝරා ගන්න. වෙබ් අඩවියේ ඉහල සර්ච් (Search) මෙනුවේ ඔබට අවශ්‍ය දේ සටහන් කිරීම මගින් ඔබට එය ඉතා පහසුවෙන් සොයා ගත හැකිය.

ඉන්පසු ඔබ තෝරා ගත් භාණ්ඩයේ හෝ උපකරණයේ වර්ණය සහ විශේෂාංග තෝරා ගන්න. ඉන්පසු ඔබට අවශ්‍ය ප්‍රමාණය ඇතුලත් කරන්න.

● ඉන්පසු "Add to Cart" බොත්තම මත ක්ලික් කරන්න.

 

පියවර 3:

● දැන් "Cart" එකට පිවිසෙන්න. ඒ සඳහා සෑම පිටුවකම ඉහල Search මෙනුව අසල ඇති “Cart” බොත්තම ක්ලික් කරන්න.

● ඔබට වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීම සඳහා Voucher පතක් ලැබී ඇත්නම් එම වට්ටම් ලබා ගැනීම සදහා අදාළ Voucher අංකය ඇතුල් කරන්න. එසේම ඔබට "Free Delivery" Voucher පතක් ලැබී ඇත්නම් ඔබට එම Voucher පත භාවිතා කර ප්‍රවාහන ගාස්තුවකින් තොරව අදාල භාණ්ඩය ඔබේ නිවසට/කාර්යාලයට ම ගෙන්වා ගත හැක. අපගේ E mail News Letters හා Facebook, Google Plus පේජ් හා සම්බන්ධවී ඔබට මෙම Voucher Code නොමිලේම ලබා ගත හැක.

 

පියවර 4:

● භාණ්ඩය යැවීමට අවශ්‍ය ලිපිනය ඇතුලත් කරන්න.

 

පියවර 5:

● අදාල කොන්දේසි කියවා තේරුම් ගෙන කොන්දේසි වලට එකඟ වීම සඳහා ටික් ලකුණක් යොදන්න.

ඔබට පාර්සලය එවිය යුතු ආකාරය තෝරන්න.

● Gift Wrapping පහසුකම තෝරා ගැනීම මගින් ඔබට ඔබ තෝරා ගත් භාණ්ඩ තෑග්ගක් ලෙස ඔබේ හිතවතුන්ට යැවිය හැකියි. ඒ සදහා ඔබට ඔබේම සුබපැතුමක් ද එක් කළ හැකියි.

 

පියවර 6:

● දැන් ඔබ භාණ්ඩ සඳහා මුදල් ගෙවන අකාරය තෝරා ගන්න.

● ඔබට පහත සඳහන් ක්‍රම මගින් මුදල් ගෙවීම සිදු කල හැකියි.

ක්‍රෙඩිට් කාඩ්පත් මගින්
බැංකු ගිණුමට මුදල් බැර කිරීම මගින්
ඩයලොග් eZCash මගින්

 

 

පියවර 7:

● ක්‍රෙඩිට්/ඩෙබිට්  කාඩ් පත් මගින් මුදල් ගෙවීම සඳහා Visa / Mastercard ලෝගෝව මත ක්ලික් කරන්න. ආරක්‍ෂිත HSBC - Global Payments පිටුවේ ඔබේ කාඩ් පතට අදාල තොරතුරු ඇතුලත් කර ගෙවීම සිදුකරන්න. උපදෙස් අවශ්‍යනම් කරුණාකර අපගේ පාරිභෝගික සහයක නිලධාරියෙකු අමතන්න. බැංකු ගිණුමට මුදල් බැර කිරීම මගින් සහ ඩයලොග් eZCash මගින් ගෙවීම් සිදු කිරීමට 'I confirm my order' බොත්තම මත ක්ලික් කර ඇණවුම සම්පුර්ණ කරන්න.